Thursday, April 18, 2013
වෙනස.
අවු 80 ක ආච්චි කෙනෙකුට දෙවියො දුන්නලු තව අවු 40 ක් ජීවත් වෙන්න ශක්තිය.
ආච්චි ඉක්මනටම අවු හතළිහ කාලෙ පොටෝ එකක් අරන් ප්ලාස්ටික් සැත්කමක් කරගන්න ගියාලු.
වැඩේ තිතටම කරල ගිණි කිකිළි වගේ පාරට ආව විතරයි.
දඩෝන් ගාලා වාහනයක් ඇවිත් හැප්පුවළු එතනම ආච්චි ඉවරලු. මළාට පස්සෙ ගිහින් වැටුන තැන ඔන්න අර වයස වැඩි කළ දෙයියො හමුවෙලා.
ආච්චි බනිනව නහුතෙට තදවෙලා.
දෙයියො කිව්වළු මට කේන්ති නොගෙන සිද්ධිය කියන්න කියල.
ආච්චි සම්පූර්ණ විස්තරේ කිව්වහම දෙයියො කිව්ව.
"අනේ සොරි අඳුරගන්න බැරි උනා කියල".
මරු ප්ලේන් එක
දවසක්
බොහෝම ලස්සන ගෑණු කෙනෙක් යනවලු බස් එකේ ඉඳගෙන හරි ලස්සන සාරියකුත් ඇඳල
සාරිකට්ටක් හෙම ගහල මේ සාරිකට්ටෙ තියෙන්නෙ ප්ලේන් එකක්ලු (ගුවන් යානයක්)..
ඔය ළඟම කඩවසම් කොල්ලෙක් හිටගෙන යනවලු හරියට මේ මං වගේ කඩවසම් කොල්ලෙක්
හොඳේ... අර ලස්සන කාන්තාව ඇඳල තියෙන හැට්ටෙ තරමක් කර පළල් එකක්ලු, ඒකෙන්
ඇගේ පුන් පියොවුරු මතුවෙලා දිලිහෙනවලු හරියට රන්තැඹිලි වාගේ. ඉතින් මේ
තරුණයත් ඔය දිහා බලාගෙන නිකන් ලැබුණු අවස්ථාව නිසා බොහොම සතුටින් බලබල
යනවලු.. මේ තරුණයාට අනෙක් පැත්තෙ තවත් මැදිවයසෙ මහත්මයෙක් හිටගෙන ඉන්නවලු.
සැරින්සැරේ මේ තරුණය අර ගෑණු කෙනාගෙ දිලිහෙන පියොවුරු දිහා බලනව මේ මනුස්සය
දැක්කලු.. මේ තරුණය දන්නෙ නෑලු මේ මහත්තය අර කාන්තාවගේ සැමියා
විත්තිය...ඔහොම බල බල යනකොට එකපාරටම අර මහත්තය මේ තරුණයගෙන් ඇහුවලු...
" මරු ප්ලේන් එක නේද මල්ලි කියල"
කොල්ලට එතකොටලු මීටෙර් වුණේ වැඩේ නෝන්ඩී කියල, ඒවුණාට කොල්ල අනික් අතට ඇඟට පතට නොදැනි කිව්වලු...
" ප්ලේන් එක දිහා නෙවෙයි අයිය බැලුවෙ මැද එයාර් පෝට් එක දිහා" කියල හෙමින් එතනින් මාරු වුනාලු.
අපහාසය
තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් නිමල් කමල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ කමල් නිමල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා නිමල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්‌සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" නිමල් කියාගෙන ගියේය
- අපි හැමදාමත් මෙහෙම ඉමු රත්තරන් -
පෙම්වතුන් ජොඩුවක් වුන චමරියි සුගතුයි දෙන්නටම අධික වැඩ නිසා ආදරය කරන්න වෙලාවක් හොයාගන්න බැරිවයි හිටියේ
ඉතින් තිබ්බ වැඩ රාජකාරි ඔක්ක පැත්තකින් තියා සුඟත් ඉතින් දවසක් චමරිවත්
එක්කගෙන මල් වත්තට ගියාලු.... හැමදේකිම ටිකකට ඇත්වෙලා තමන්ගේ ආදර බර
පෙම්වතියත් එක්ක ටික වෙලාවාක් ආදරෙන් ඉන්න කියලා හිතාගෙන
මල් වත්තේ වට පිට බලපු සුගත් ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවක් දැක්කාලු
වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වෙලා හිටිය චමරි වෙත යොමු කළ සුගත්ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා
“චමරි, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”
කියලා කියුවාලු
චමරි සුගත් ඇත්වෙලා මුහුණ ඇඹුල් කර ගෙන මෙහෙම උත්තර දුන්නාලු
“අනේ සුගත්, මම නං ඕං ගස් නඟින්ඩ දන්නේ නෑ."
හොඳම එක
දවසක්
තරුණ පහේ කොල්ලෙක් ආවලු නගරයේ එක්තරා සාප්පුවකට. ආපු වෙලාවේ ඉඳන්
විමසිල්ලේ ඉන්නවා දැකලා සාප්පුවේ මැනේජර් මහත්තයම තරුණයා ලඟට ආවලු.
“මහත්මයා මොනවද හොයන්නේ?“
“මම මේ පැරිෂූට් එකක් මිලට ගන්න...මම තාම පුහුණුවෙන කෙනෙක්“
තරුණයා ආචාරශීලීව කිව්වා. මැනේජර් මහත්තයා තරුණයාව එක රාක්කයක් ලඟට එක්කගෙන ගිහින් දිග පැරිෂූට් එකක් දිග ඇරියා.
“මහත්තයා මෙන්න මේක තමයි අපේ කඩේ තියන හොඳම එක..ගාණත් ගොඩක් අඩුයි...ඒ වගේම කොලිටි එකත් මරු..“
තරුණයා පැරිෂූට් එක අතට අරන් ටිකක් පරික්ෂා කලා. එහෙම කරලා මැනේජර් මහත්තයගෙන් ප්‍රශ්නයක් ඇහුවා
“මේක උඩදි දිග ඇරුනේ නැතිවුනොත්...“
“එහෙමනම් වෙනවා බොහොම අඩුයි මහත්මයා..එහෙම උනොත් ආයෙත් අරන් එන්නකෝ..අපි මහත්තයට ඒක මාරු කරලා වෙන හොඳ එකක් දෙන්නම්“
"කතාව තව ඉවර නෑ චූටි "
දවසක්
පොරක් සිරි නරඹමින් පාක් එකක ඈතට ඈතට යනවා . යනකොට තවත් පොරක් ගහක් බදාගෙන
කනතියාගෙන ඉන්නවා බොහොම උනන්දුවෙන් . ඉතින් අපේ පොරටත් ඉන්න බැරිතැන අහනවා
මොකද ඔය? කියල. "මම මේ ගහේ සංගීතය අහන ඉන්නවා ඔයාටත් අහන්න ඕනනම් ගහ
බදාගෙන කන තියාගෙන ඉන්න කියල . ඉතින් අපේ මැනුත් පුදුමාකාර අසාවකින්ග් ගහ
බදාගෙන කන තියාගත්ත විතරයි අනිත් මෑන් අපේ පොරගේ අත්දෙක ගහ වටේ තියල
මාන්චුවක් දැම්ම . දාල ඔරලෝසුවයි සපත්තුදෙකයි කලිසමයි යට ඇඳුමයි ඔක්කොම
ගලවාගෙන ටටා කියල ගියා .
පැයකට විතර පස්සේ එනවා තවත් පරිසර කාමියෙක්
ඇවිත් අහනවා මොකද වුනේ කියල . අපේ මෑන් පොරගේ දුක් කතාව කිව්වා. අහන්
ඉඳල ගහ බැදන් ඉන්න අපේ මෑන් ට ලංවෙලා පිට අතගගා කන්පෙත්ත ලාවට හපන ගමන්
කොඳුරනවා "කතාව තව ඉවර නෑ චූටි " කියල
සැබෑ ආදරේ
ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ
කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු
අනෙකුත් තරුණ තරුණියෝ මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.
වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ
තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට
බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා
ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.
මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..
"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"
වියපත් තැනැත්තා - " අනේ එපා... "
තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "
වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...
අඹ බයන්න
ඔන්න
දවසක් දකුණෙ යාළුවෙක්ලයෙ අහ ගියා නෙව.. උන්දැල ගෙ සමහර පැතිවල බාසාව
තරමක් වෙනස් නොවැ,, ඉතින් දවාලෙට උයන්න ලැහැත්ති කොරන්න එහෙම ලක ලෑස්ති
කොල්ල ,යාළුවගෙ අම්ම ඇහැව්වලු
අපේ ගිය යාළුවගෙන්
"පුතා පොල් ඔයන්න දන්නවැයි"
පොල් ඔයන්ව කියන්නෙ ලෙලි ගහනවටලුනෙ. මේක ඔය වගක් දන්නෙ නෑනෙව.
මූ ගත් කටටම කියාපි
"පොල් ඔයන්නනම් දන්නෙ නෑ අම්මෙ... අඹ බයන්න නම් දන්නව" කියල..
Thursday, April 11, 2013
දිගු ගමනක පළමු දිගහැරුම
ජනකතා .... ලෝකෙ ඕනම තැනක මේ ජනකතා
දැකගන්න පුළුවන් . වත්මන වෙනකොට මේ ජන කතාවල ස්වරූපය වෙනස් වෙලා.. බොහෝවිට
විනෝදාස්වාදය කියන තැනට මේ ජනකතා ගමන් කරල තියෙනවා.. කාලයක් තිස්සෙ මගෙ
හිතේ තිබුණ අදහසක් තමයි , මේ රස කතා සේරම එකම තැනකට එකතු කරගන්න පුළුවන්නම්
කියන එක.. ඉතින් ඒ අදහස මුදුන්පත් කරගන්න මම මුහුණු පොතේ Hilarious රස කතා නමින් සමූහයක් ආරම්භ කළේ. අපි කවුරුත් කැමතී හිනාවෙලා සතුටින් ඉන්න..
මුහුණු පොතේ මේ සිනහව දෝරෙගලපු නිසා මට හිතුණ මේ රස කතා බ්ලොග් අවකාශයටත්
අරගෙන එන්න ඕනෙ කියල. එන්න ඒ අරමුණ ඇතිවයි මේ බ්ලොගය නිර්මාණය කළේ .. මෙතනට
ගොඩවැදිල ඔයත් හිනා වුණානම් සටහනක් තියල යන්න අමතක කරන්න එපා..
ඇඩ්මින් කමිටුව වෙනුවෙන්
^සූ (සුරංග ලක්මාල්)
ඇඩ්මින් කමිටුව වෙනුවෙන්
^සූ (සුරංග ලක්මාල්)
Subscribe to:
Comments (Atom)


