Thursday, April 18, 2013

හොඳම එක

දවසක් තරුණ පහේ කොල්ලෙක් ආවලු නගරයේ එක්තරා සාප්පුවකට. ආපු වෙලාවේ ඉඳන් විමසිල්ලේ ඉන්නවා දැකලා සාප්පුවේ මැනේජර් මහත්තයම තරුණයා ලඟට ආවලු.

“මහත්මයා මොනවද හොයන්නේ?“

“මම මේ පැරිෂූට් එකක් මිලට ගන්න...මම තාම පුහුණුවෙන කෙනෙක්“

තරුණයා ආචාරශීලීව කිව්වා. මැනේජර් මහත්තයා තරුණයාව එක රාක්කයක් ලඟට එක්කගෙන ගිහින් දිග පැරිෂූට් එකක් දිග ඇරියා.

“මහත්තයා මෙන්න මේක තමයි අපේ කඩේ තියන හොඳම එක..ගාණත් ගොඩක් අඩුයි...ඒ වගේම කොලිටි එකත් මරු..“

තරුණයා පැරිෂූට් එක අතට අරන් ටිකක් පරික්ෂා කලා. එහෙම කරලා මැනේජර් මහත්තයගෙන් ප්‍රශ්නයක් ඇහුවා

“මේක උඩදි දිග ඇරුනේ නැතිවුනොත්...“

“එහෙමනම් වෙනවා බොහොම අඩුයි මහත්මයා..එහෙම උනොත් ආයෙත් අරන් එන්නකෝ..අපි මහත්තයට ඒක මාරු කරලා වෙන හොඳ එකක් දෙන්නම්“

No comments:

Post a Comment