Thursday, April 18, 2013

අපහාසය

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් නිමල් කමල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ කමල් නිමල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.

"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා නිමල්ගෙන් විමසුවේය.

ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..

තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?

දැනට අවුරුද්දකට විතර ඉස්‌සර

"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?

"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" නිමල් කියාගෙන ගියේය

No comments:

Post a Comment